Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසාදැමුණු NEXT ඇඟලුම්හලේ අලුත්ම තත්ත්වය
    Featured

    වසාදැමුණු NEXT ඇඟලුම්හලේ අලුත්ම තත්ත්වය

    By LFNMay 28, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ.

    කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත.

    ‘NEXT’ ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී එහි පාලනාධිකාරය සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන්වෙන්ව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබුණද, එම දෙපාර්ශ්වය එක්ව සාකච්ඡා පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසාදැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

    එසේ වසාදැමීමට තීරණය කළ යුත්තේ සේවකයන් පූර්ව දැනුම්වත් කිරීමකින් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.

    එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බවයි.

    කෙසේ වතෙත් ඊට පිළිතුරු දෙමින් පාලනාධිකාරය සඳහන් කර ඇත්තේ, අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවය.

    මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බව මෙහිදී එහි පාලනාධිකාරිය සඳහන්කර ඇත.

    ඔවුන් සඳහන් කළේ සිය ආයතනය මෙම කම්හල වසාදමීමට තීරණය කළේ මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් බවය.

    ඒ අනුව අකමැත්තෙන් වුවද කටුනායක පිහිටි තම කර්මාන්ත ශාලාව පමණක් වසාදැමීමට සිදු වූ බව ඔවුන් පෙන්වා දී තිබේ. එය සිය ව්‍යාපාරික තීන්දුවන් බව එම පාලනාධිකාරිය අවධාරණය කර ඇත.

    මේ අතර සේව්‍ය සේවක දෙපාර්ශවයේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව මෙම කාර්මික ආරවුල විසඳාගැනීමේ ඉදිරි පියවර පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විමසා තිබේ.

    ඊට පිළිතුරු දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ප්‍රකාශකර ඇත්තේ, එළැඹෙන 30වනදා සේව්‍ය සේවක දෙපාර්ශවයම කැඳවා කම්කරු ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන බවය.

    මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපය භාර අධ්‍යක්ෂ රන්ජන් සිබේරා ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.