Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයේ තීරණය
    Featured

    උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයේ තීරණය

    By LFNMay 24, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට ඒවා කඩිනමින් පවරා දීම බවය.

    උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන්, පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ද ඇය එහිදී පවසා තිබේ.

    අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බැවින් ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය බව උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

    ඔවුන් පෙන්වා දී ඇත්තේ ඇතැම් පිරිස් වංචනිකව ඉඩම් අත්පත්කරගෙන ඇති බැවින් රජය විසින් අදාළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි.

    ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් නීත්‍යානුකූලව තහවුරු කිරීම් සමග ඉඩම් අයිතිය ජනතාවට ලබාදිය යුතු බව රජයේ එකඟතාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

    ඒ අනුව ජනතාව සහ අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.