Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි
    Featured

    බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

    By LFNMay 20, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුරාබදු නිලධාරීන් විසින් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති බව බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළේ, අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවය.

    මේ පිළිබඳ බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා,

    “අප සංගමයෙන් ලියුමක් යොමු කළා සුරාබදු කොමසාරිස් ජනරාල්ට. ඊට අමතරව ඒක ජනාධිපතිතුමාට, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට සහ CIDයට පිටපත් යැව්වා. මේ සුරාබදු නිලධාරීන් අල්ලස් නොදෙන බලපත්‍රලාභීන්ට හිරිහැර කරනවා. මහා පරිමාණ වැරදි කරන බලපත්‍රලාභීන් ගොඩක් ඉන්නවා. ඒ අය ගැන කිසිම කටයුත්තක් කරන්නේ නෑ. සුළු වැරදි කරන අයට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කරනවා අල්ලස් නොදෙන නිසා. බලපත්‍ර පවත්වාගෙන යෑමේ දී මේ අය බලාපොරොත්තු වෙනවා මාසිකව ගානක්. ඒ අයට ඇවිත් ඕනෑම දෙයක් ලියන්න පූළුවන් කියලා තර්ජනය කරලා, එහෙම මුදල් ඉල්ලන්නේ. එහෙම නොදෙන අයට තමා මේ හිරිහැර කරන්නේ.”

    ඉකුත් රජය සමයේ ලබාදුන් මත්පැන් බලපත්‍ර ද ඇතැම් සුරාබදු නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට ලබා දී ඇති බව බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.