Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් මිලියන ගණනක වංචාවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි
    Featured

    තවත් මිලියන ගණනක වංචාවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි

    By LFNMay 15, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2021 වසරේදී රුපියල් මිලියන 700 ක් වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුනත් ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

    එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදුනොවූ බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පවසා ඇත.

    මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණ ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රුපියල් මිලියන 350ක් නිදහස් කර තිබු බව පැවසුවේය.

    එමෙන්ම ඉන් රුපියල් මිලියන 302 වියදම් කර තිබු අතර අදායම් ලෙස ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 22ක් පමණක් ලැබී තිබු බවද වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

    මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, කොමිෂන් සභා පනතට පටහැනි බවට ලිඛිතව නිරීක්ෂණ ලබාදී තිබු බව පවසා ඇත.

    කෙසේ වෙතත් අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

    තවද මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම කොමිෂන් සභා පනතට පටහැනි බවට නිරීක්ෂණ ලබාදීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදුකළ බව කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පවසා ඇත.

    දිවයිනේ ස්ථාන 35ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මේ වනවිට ස්ථාන පහක ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කාරක සභාවේදී අනාවරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම අසාර්ථක වූ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් මුල්‍ය වංචාවක් සිදුව තිබේද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට සුදානම් බව පවසා තිබේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.