Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවිය මියයෑමේ සිද්ධිය – ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්
    Featured

    සිසුවිය මියයෑමේ සිද්ධිය – ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

    By LFNMay 10, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.

    මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන් තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බව ද එම පුද්ගලයා සඳහන් කළේය.

    තමාගේ පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බව ද අදාළ පුද්ගලයා පැවසීය.

    කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදාය.

    ඇය දිවි නසාගත්තේ දරුණු මානසික පීඩනයකින් වේදනා විඳිමින් සිටි නිසා බවට මව්පියන් ප්‍රකාශ කළේය.

    ඒ බම්බලපිටියේ පාසැලක ඉගෙනු ලැබූ සිය දියණියට එහි ගුරුවරයෙකු විසින් අතවර කර ඇති අතර එය යළිත් වරක් පෞද්ගලික උපකාරක පංතියක හිමිකරුවෙකු විසින් ඇය මානසික පීඩනයකට ලක්වූ බව කියන සිද්ධීන් හේතුවෙනි.

    කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම හේතුවෙන්, දැරියගේ ඥාතීන්ගේ පාර්ශ්වය විමර්ශන සඳහා කිසිඳු සහායක් ලබානොදෙන බවය.

    දිවි නසාගත් සිසුවිය පවුලේ අභ්‍යන්තර සිදුවීමක් හේතුවෙන් වයස අවුරුදු 13දී මානසික ආතතියට ලක්ව ඇති බවත් ඊට රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

    පොලීසිය පැවසුවේ, පාසල් ගුරුවරයෙකු තමාට අතවර කළ බවට සිසුවිය මනෝ වෛද්‍යවරයෙකු පැවසීමෙන් පසුව දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමුකර තිබෙන බවය.

    අදාළ පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනය කළ බම්බලපිටිය පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවය.

    සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය අතර අද පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සිසුවිය මියයෑමේ සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.