Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩුකාර සෙන්දිල් බලය අභිබවා ගියාද ?
    Featured

    ආණ්ඩුකාර සෙන්දිල් බලය අභිබවා ගියාද ?

    By LFNSeptember 2, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙයි.

    පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.

    ඒ අනුව තම කාර්යාංශය විසින් විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගත් බවත් එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබුණි.

    ඒ අනුව අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා “මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කළ බවත් ඒ අනුව අදාළ සමාගම විසින් කැණීම් කටයුතු ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    එසේ තිබියදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත් මාර්තු මස 16 වනදා ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බව අදාළ සමාගම වෙත දැනුම්දී තිබූ බවත් පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන තම ආයතන වෙත බවයි.

    ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බවත් පෙත්සම්කාර ආයතනය පවසයි.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.