Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ
    Featured

    වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ

    By LFNJune 28, 2023No Comments1 Min Read263 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස බිත්තියක් කඩාවැටී තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ කුඩා හල්මිල්ලවැව, ඇලයාපත්තුව, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9 සහ 12ක් වන දැරියන් දෙදෙනෙකි.

    මෙම දැරියන් දෙදෙනා පාඩම් කටයුතුවල නිරතවී රාත්‍රී නින්දට ගිය අවස්ථාවේදී වල් අලි රංචුව සිටි එක් අලියකු නිවසට පහර දෙන ශබ්දය ඇසුණු බවත්, ඒත් සමගම නිවසේ බිත්තියක් දරුවන්ගේ ඇඟ මතට කඩා වැටී දරුවන් කෑ ගැසූ බව පියා පවසයි .

    පියාගේ කෑ ගැසීමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගිය වල් අලියා නැවතත් පැමිණ එම නිවසේ වී ගබඩා කර තිබූ කාමරයේ තිබූ වී තොගයක් ආහාරයට ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙම වල් අලි රංචුව මීට දින කිහිපයකට පෙරද ඒ ආසන්නයේ වෙනත් නිවසකට පහරදී බර පතල හානි සිදු කර තිබූ බවත්, මේ වන වනවිට හල්මිල්ලකුලම සහ ඒ අවට ගම්මාන, වන අලි 50ක පමණ රංචුවකගේ ග්‍රහණයට නතු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.