Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලන්කන් ගුවන් නියමුවන්ගෙන් බය හිතෙන හෙළිදරව්වක්
    Featured

    ශ්‍රීලන්කන් ගුවන් නියමුවන්ගෙන් බය හිතෙන හෙළිදරව්වක්

    By LFNJune 25, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවන් පවසයි.

    දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව අනාවරණ කළේය.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයන් පිරිසකට එම අවස්ථාව අහිමි වූ අතර පසුව එම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවදානය යොමුවුණි.

    එවන් පසුබිමක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

    ඔවුන් එමගින් පෙන්වාදී ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් මේ වන විටත් සේවයෙන් ඉවත්ව ඇති අතර තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බවය.

    ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250ක් පමණක් බවද නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

    එබැවින්, දැනට පවතින ගුවන් නියමු හිඟය හේතුවෙන් මෙලෙස හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ඊට අනියුක්ත කිරීම අසීරු බව නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.