Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බගවන්තලාව රත් වෙයි – පොලීසියට ඇමතිගෙන් තර්ජනයක් ?
    Featured

    බගවන්තලාව රත් වෙයි – පොලීසියට ඇමතිගෙන් තර්ජනයක් ?

    By LFNJune 25, 2023No Comments1 Min Read234 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට පොලීසිය විසින් පහරදී ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    අමාත්‍යවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (25) බගවන්තලාව නගරයට ගොස් පොලිස් නිලධාරීන් කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් බැන තර්ජනය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

    බගවන්තලාව නගරයේ පිහිට රාජ්‍ය බැංකු කළමනාකාරවරයෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් බැංකුව සිදුකළ පැමිණිල්ලක් මත අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

    කෙසේවෙතත් පොලීසිය අදාළ තරුණයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ යම් පහරදීමක් සිදුකර ඇතැයි පවසමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නීතිය අතට ගැනීමට පොලීසියට හැකියාවක් නොමැති බවය.

    අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථානමාරු වීම් ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා හමුවේ පවසා ඇතැයි ද වාර්තා වේ.

    එහිදි පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත්තේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

    එම විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.