Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
    Featured

    අස්වැසුම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

    By LFNJune 25, 2023Updated:June 25, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම ප්‍රතිලභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩනොතබන බව රජය අවධාරණය කරයි.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ආර්ථික සවියක් අවැසි පුද්ගලයින්ට සහායවීමට ආරම්භ කළ අස්වැසුම වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබාදෙමින් දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශවයන් දරණ උත්සායන් ගැන රජයේ අවධානය යොමුව ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    එනිසා දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් භාහිර බලපෑම්වලට නතු නොවී අභියාචනා කාලසීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමග සම්බන්ධ වන ලෙසත් කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් අදාළ නිවේදනයෙන් තවදුරටත් දැක්වේ.

    මේ අතර, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අදාළව අභියාචනා සහ විරෝධතා භාරගන්නා කාලය එළඹෙන ජූලි 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ අනුව,එම අභියාචනා සහ විරෝධතා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුවත් කර ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙශාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    මාර්ගගත ක්‍රමය භාවිත කළ නොහැකි පුද්ගලයෙකුට ඒ අනුව සාමාන්‍ය ලෙස අභියාචනා සහ විරෝධතා භාරදිය හැකිය.

    ඊට අවශ්‍ය තොරතුරු සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා ක්‍රියාත්මක 1924 හදිසි ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    මේ අතර පසුගිය සිකුරාදා පස්වරුව වන විට අභියාචනා 17,000ක් පමණ ලැබී තිබූ බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    පවතින ආර්ථික අර්බුදය මැද දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට මේ වන විට සමෘද්ධිලාභීන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

    සමෘද්ධිලාභීන් පිරිසක් ආරච්චිකට්ටුව නගර මධ්‍යයේ අද උදෑසන විරෝධතාවක නිරත වුණි.

    මේ අතර වසර කිහිපයක සිට තමන්ට ලැබුණු සමෘද්ධි සහනාධාරය අස්වැසුම යෝජනාක්‍රමය හරහා අත්හිටුවා ඇතැයි බණ්ඩාරගම,මිල්ලනිය,බැල්ලන්තුඩාව ප්‍රදේශයේ මා පිය යුවළක් චෝදනා කරයි.

    2018 වසරේ තමන්ට තුන් නිවුන් බිළිඳියන් උපත ලැබූ බවත් ඒ අනුව එවක රජය ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදුන් බව එම මව්පියන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.