Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පවුලම අරන් සොරකමේ ගිය පියා අත්අඩංගුවට
    Featured

    පවුලම අරන් සොරකමේ ගිය පියා අත්අඩංගුවට

    By LFNJune 8, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය පවුල සමග බස් රථවලට නැග සොරකමේ නිරත වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විය පසුවන පුද්ගලයෙකි.

    සැකකරු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ බස් රථවලට ඇතුළුවී මෙලෙස ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරකම් කර ඇත.

    බස් රථවලදී ජංගම දුරකථන සහ මුදල් පසුම්බි නැතිවීම පිළිබඳව ලද පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල පොලීසිය CCTV දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇත.

    අනතුරුව පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200ක් පමණ ප්‍රමාණයක් ද හමුවූ බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ගල්කිස්ස සහ පිටකොටුව ප්‍රදේශවලට මෙලෙස සොරකම් කරන ලද දුරකථන ඉතා අඩුමිලට අලෙවි කර ඇති බවය.

    ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙලෙස සොරකම් කරන ලද දුරකථන 20ක් පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    එම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුක්ත බවද පොලීසිය පවසයි.

    සැකකරු මෙලෙස පසුගිය මාස 06ක කාලය පුරා සිය පවුලේ සාමාජිකයින් සමඟ මාර්ග අංක 120,138 සහ 296 බස් රථවල නැග මෙම සොරකම් සිදුකර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.