Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය ගාස්තු සංශෝධනයක්
    Featured

    දුම්රිය ගාස්තු සංශෝධනයක්

    By LFNMay 24, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවය.

    එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    “දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා. වැටුප් සඳහා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ,මේවා ඩිජිටල්කරණය කරන්න ඕනේ. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න. ඊට පස්සේ ගාස්තුවල ගැලපුමක් ඇති කරන්න ඕනේ. බස් ගාස්තුවට වඩා තුනෙන් එකක් අඩුවෙන් දුම්රිය ගාස්තුව පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් ඒ අනුව ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු ගැනීමේ දී ඉතාම අමාරුයි. මේ නිසා ආයතනය කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑම සඳහා දෙපාර්තමේන්තු ගත ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ. ඒ නිසා අධිකාරියක් කරන්න 2001, 2002 කාලවලදී පනතක් හදලා තිබුණා. ඒක අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න මම වෘත්තීය සමිතිවලට සහ අදාළ බලධාරීන්ට දෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහයෝගය දෙන්න…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.