Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු උණ මාරාන්තික කරන NSAID ඖෂධ ගැන හෙළිදරව්වක්
    Featured

    ඩෙංගු උණ මාරාන්තික කරන NSAID ඖෂධ ගැන හෙළිදරව්වක්

    By LFNMay 18, 2023No Comments2 Mins Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී තිබේ.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ, තද උණ සහ අධික ඇඟපත වේදනාව මෙන්ම හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයක් ලෙස ජනතාව මෙම ඖෂධ භාවිතයට යොමුව ඇති බවය.

    Non Steroidal Anti Inflammatory Drugs එසේත් නොමැති නම් ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ ලෙස හඳුන්වන ලබන මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබාගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

    ඩයික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළෙඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා කෙරෙන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.

    එම ඖෂධ හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක දී එය භාවිත කිරීම හේතුවෙන් ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් සිදුවිය හැකි බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු ඇඟවයි.

    මේ දිනවල උණ තත්ත්වයක් ඇති වුවහොත් පළමුව සිදුකළ යුත්තේ, හොඳින් විවේක ගැනීම හා හොඳින් දියර වර්ග පානය කිරීම බව ද පෙන්වා දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිත කරන ලෙස ද දැනුම්දෙයි.

    ඉන්පසුව උණ තත්ත්වය දින දෙකකට වඩා පවතින්නේ නම්, සුදුසු වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමු වෙන ලෙසත් දැනුම් දෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීම සුදුසු නොවන බව ද පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.