Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලය ගන්න වගේම අත්හරින්නත් පුළුවන්
    Featured

    බලය ගන්න වගේම අත්හරින්නත් පුළුවන්

    By LFNMay 2, 2023No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ කොළඹ කැම්බල් පිටියේ පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බවය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය ඊයේ පස්වරු 3ට කොළඹ කැම්බල් පිටියේදි ආරම්භ වුණි.

    මෙවර එහි තේමාව වූයේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු යන්නය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු රැලිය ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

    “අපිට පටන් ගන්න වුණේ කොවිඩ් එක්ක ආර්ථික බිඳවැටීමෙන්, සමහර වැරදි තීන්දු ඊට හේතු වුණා වැරදුණු තැන දැන් අපිට තේරෙනවා ඒ අත්දැකීම් තවත් ශක්තියක් සමහර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් තනි කරන්නේ නැහැ ඔබට ශක්තියක් වෙන්න අපට හැකියාව තියෙනවා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව තවම අවසන් නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න බලන් ඉන්නවා සාමාන්‍ය පෙළ දරුවොත් පීඩනයෙන් ඉන්නේ මව්පියන් පීඩනයෙන් ඉන්නේ එය වෘත්තීය සමිති සටනක් ලෙස අපි දකින්නේ නැහැ හැබැයි හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ දරුවන් ප්‍රාණ ඇපයට අරන් දිනාගත්ත සටනක් නැහැ එහෙම දිනාගෙන වැඩකුත් නැහැ සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිවලට නෙවෙයි බලය ලබාගන්නට වගේම අතහරින්නත් පුළුවන් ඕනෑම මොහොතක නැගිටින්නත් පුළුවන්. වැඩකරන ජනතාවට ජයවේවා…!”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.