Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තාවකාලික විසඳුමක් හරි දෙන්න – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්
    Featured

    තාවකාලික විසඳුමක් හරි දෙන්න – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

    By LFNApril 22, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලී භාවයක් දක්වන්නේ නම් අද (22) සිට හෝ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නහැක පවසයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (21) දින පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
    මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා සඳහන් කළේ,

    “අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව යම්කිසි විසඳුමක් කරා පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත්වී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම අපි හෙළාදකිනවා.”

    “අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම කෙරේ අපේ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබානොදී දේශපාලන න්‍යාය පත්‍රයක් මත පමණක්ම ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් අපට තර්ජනය කිරීම සංගමයක් වශයෙන් කිසිසේත් පිළිගන්නේ නැහැ.”

    “අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා.. පුළුවන්නම් අපේ දේපළ රජයට අරගෙන අපිව සිරගත කරන්න කියලා. අපේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකොට තාවකාලික විසඳුමක් දෙනවා නම් අපි අදාළ කටයුතු සඳහා ඕනෑම වෙලාවක එක්වීමට සූදානම්.”

    “මේ දරුවන් සමඟ අපේ කිසිදු ගැටලුවක් නෑ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම තමා අපේ අරමුණ. නමුත් ඊට අකුල් හෙළන්නේ රජයයි. මේ බදු පනත සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා අපි කියන්නේ නැහැ. සුළු වෙනස්වීම් කිහිපයක් පමණයි කරන්න කියන්නේ.”

    “ඊට අමතරව රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අපි පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අපිට මේ ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ.”

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සංගම් සභාපති, මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පුළුවන් නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ රජයට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බවය.

    “කුඹුරු හාන හරක්ට වගේ කෙවිටක් අරගෙන බය කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් වැඩ ගන්න බැහැ. මේ වනවිට රුපියල් 20,000 ක් හෝ වැටුප් නොලබන ආචාර්යවරුන් විශාල පිරිසක් ඉන්නවා. මම ගන්න වැටුප මගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.