Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
    Featured

    අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

    By LFNApril 21, 2023No Comments1 Min Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය.

    මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් බවද එම නිවේදනය සඳහන් ව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

    මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

    එම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව පවසයි.

    මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.