Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති
    Featured

    ශ්‍රී ලංකාවට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

    By LFNMarch 31, 2023No Comments2 Mins Read278 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි බවත් රට ඉදිරියට යාමට නම් එය විසඳිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (30) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ” IMF සහ ඉන් ඔබ්බට ” ආර්ථික සංවාද මණ්ඩපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි.

    එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “IMF වැඩසටහන ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අප පළමු සාකච්ඡාවට සහභාගීවන්නේ අදයි. අපි මෙය ඉටු කිරීමට නම්, අපගේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව මතක තබා ගත යුතුයි. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි.”

    “ආර්ථික ප්‍රශ්නවලින් අපිට ජනවාර්ගික ප්‍රශ්නය වෙන්කොට සැලකිය නොහැකියි. අපි ඒ ප්‍රශ්න දෙකම විසඳාගත යුතුයි. මම ඒ ප්‍රශ්නය ගැන මේ මොහොතේ කටයුතු නොකරන්නේ, මේ ඒ සඳහා කාලය හෝ ස්ථානය නොවන නිසා. කෙසේ වෙතත්, අපි ඒ පිළිබඳ තීරණය කළ යුතුයි.”

    “අපි වැය කරන සෑම රුපියලකම ප්‍රතිලාභය අපට ලැබෙනවද ? අපි සමාජ ආරක්ෂණ ජාලයට සහ දිළිඳු ජන කොටස් නඟා සිටුවීමට වැඩි මුදලක් යෙදවිය යුතුයි.”

    “ඒ, නිසා අපි අපේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් යෙදවිය යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවට, ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නොවෙයි. අපි දැන් ඒවට මුදල් නාස්ති කළා ඇති. දැන් අපි අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි.”

    “මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලට අදාළ පළමු මාස 6න් පසුව එළඹෙන ඇගයීමට පෙර සාකච්ඡා අවසන්කොට ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරනවා.”

    “ණයහිමියන් සමග සාකච්ඡාවලදී කේවල් කිරීමේ හැකියාව ලබාගැනීමටත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ උපරිම ප්‍රතිලාභ ලැබීමටත්, ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 04ක ආර්ථික වැඩසටහන යටතේ පොරොන්දුවී ඇති වගකීම් ක්‍රියාවට නැංවිය යුතුයි.”

    “අපිට තවමත් විශේෂයෙන් පෞද්ගලික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.”

    “මෙතැන් සිට අපි ණය ප්‍රතිව්‍යුහගතකොට සිව්වන වැඩසටහන ක්‍රියාවට නැංවුවත් එය ප්‍රමාණවත් නැහැ.”

    “කොතරම් අවස්ථාවන් අපි ප්‍රයෝජනයට නොගෙන මඟහැර තිබේද? මෙයයි අවසන් අවස්ථාව අප එය ලබාගන්නේද? නැද්ද? යන්න තීරණය කළ යුත්තේ ඔබයි.”

    “ඔබට එහි සැලසුම් සකස් කළ හැකියි. අපට ලැබෙනවා මාස 06ක ඇගයීමක්, නැවතත් මාස 06ක ඇගයීමක්.”

    “IMF වැඩසටහනට අනුකූලව අප ඉදිරියට යා යුතුයි. වර්ධනය පිළිබඳ වැඩසටහන සම්බන්ධයෙන් අපට තවදුරටත් සාකච්ඡා කළ හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.