Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
    Featured

    වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

    By LFNFebruary 16, 2023No Comments2 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර, වැලිගම පොලීසිය ඉදිරිපිට අද (16) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

    ඒ වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් එයට සම්බන්ධ නොමැති බව පවසමින්ය.

    පසුගිය දා අතිරේක පන්තියකට සහභාගී වී අදාළ දැරිය නිවස කරා යමින් සිටිය දී තරුණයින් සිව්දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබුණි.

    ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලක් මත වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙක් ඊයේ සවස දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

    එයට විරෝධය පළ කරමින් අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් කෑ කෝ ගසමින් පොලීසිය ඉදිරියට රැස්ව පවසා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දෙදෙනා අදාළ සිදුවීමට සම්බන්ධ නොවන බවය.

    එමෙන්ම තරුණයින් ට පොලීසිය තුළ දී පහරදීමක් සිදුකර ඇතැයි ද අත්අඩංගුවට පත් තරුණයෙකුගේ මව පැවසීය.

    “අපේ පොඩි එක්කෙනා වැඩට යන්න ගියේ. එතකොට පොඩි ළමයෙක් එක්කන් ඇවිත් මෙයාද කියලා ඇහුවා. එයා මෙයා නෙමෙයි කියද්දිත් අරන් ඇවිල්ලා. ප්‍රශ්න කරන්න අරන් ඇවිල්ලා ගහලත් එක්ක. අපි කියන්නේ ඒ ළමයටත් සාධාරණයක් කරන්න ඕනේ. අහිංසක කොල්ලෝ දෙන්නෙක් ඇයි අරන් ආවේ. හරියට සාධාරණයක් කරන්න…. ළමයි හතරදෙනෙක් එකතුවෙලා ඒ ළමයට කරදර කරලා කියලා කියනවා. ඒ ළමයින්ගේ තාත්තලා කියනවා මේ ළමයි දෙන්නා නෙමෙයි කියලා. ඒ කට්ටිය එන්නම්ලු කියන්න. ඒ වුණාට පොලීසියෙන් දෙන්නේ නැත්තේ…”

    කෙසේවෙතත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.