Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර වැඩි මිලට විකිණු පුද්ගලයා අත්අඩංගුවට
    Featured

    මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර වැඩි මිලට විකිණු පුද්ගලයා අත්අඩංගුවට

    By LFNFebruary 16, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර පිළිකා රෝගීන්ට විකුණු සැකකරුවෙකු ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද ඖෂධයක් එම රෝහලෙන් සොරකම්කර පිළිකා රෝගීන්ට රුපියල් 20,000ක මුදලකට විකිණීම සම්බන්ධව එම සැකකරුව අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය.

    පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟ බව පවසමින් රුපියල් 22,000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21,000ක විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුව නිලධාරීන් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී රුපියල් 425,970ක මුදලක් සහ එම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුනි.

    නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංඡනය අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඖෂධවේදියෙකු වශයෙන් සේවය කරන බැවින් ඔහු තම නිවෙස තුළ පවත්වාගෙන යනු ලබන ෆාමසිය සඳහා මෙම ඖෂධ තබාගෙන ඇති බවය.

    අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙහිදී සඳහන් කළේ මෙම සැකකරුට ඖෂධවේදියකු වශයෙන් කටයුතු කිරීමට අදාළව කිසිදු බලපත්‍රයක් ඔහු සතුව නොමැති බවය.

    කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.