Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැත්කම් කල් දැමූ පදනම හෙළිකරන්න – GMOA
    Featured

    සැත්කම් කල් දැමූ පදනම හෙළිකරන්න – GMOA

    By LFNFebruary 14, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ රෝහල්වල සැත්කම් කල් දැමීමට පියවර ගත්තේ කුමන පදනමකින් ද? ඒ කුමන කාලයකට ද යන්න සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම රටට ප්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පොරොත්තු ලේඛනයක සිට ශල්‍යකර්මයක් සිදුකරගැනීමට පැමිණෙන රෝගීන්ගේ, රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ රෝගියාගේ මානසික තත්ත්වය බැහැර කිරීමට හැකි කරුණක් නොවන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

    “මාස ගානක් පොරොත්තු ලේඛනයක ඉඳලා තමයි මේ ශල්‍යකර්මයට එන්නේ. සංකූලතා, අතුරු අබාධ විශේෂයෙන්ම එම රෝගියාගේ මානසික තත්ත්වය ව්‍යාකූල වීම ඒ වගේ කාරනා අපට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, සෞඛ්‍ය ලේකම්ගෙන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලනවා වහාම රටට පැහැදිලි කරන්න, මොන හේතුද මේ තීරණය ගන්න බලපෑවේ ?, කොයිතරම් කාලයකට මෙය වලංගුයිද ? කියලා.”

    වෛද්‍ය උපදෙස් මත පමා කළ හැකි ශල්‍යකර්ම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම්, ප්‍රමුඛතාව සහ විශේෂඥ උපදෙස් මත සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවය.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා මේ බව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය වෘත්තිය සංගම් කිහිපයක් ම එම තීරණයට විරෝධය පළ කළේය.

    ඔවුන් අනතුරු ඇඟවූයේ සැත්කම් පමා කිරීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වන බවය.

    මේ අතර සැත්කම් පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතාරක්ෂක ශල්‍යකර්ම, පිළිකා රෝගීන් සඳහා සිදුකරන සැත්කම් සහ අත්‍යවශ්‍ය සැත්කම් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බවය.

    ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම් සිදු කිරීමේදී සැත්කමෙහි අවශ්‍යතාව හා ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලා විශේෂඥ උපදෙස් මත, සැත්කම් සිදුකිරීමේ අනුපිළිවෙළෙහි වෙනස්කම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.