Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔබත් විදෙස් රැකියාවක් සොයන්නෙක්ද – මේ ගැන අවධානයෙන් සිටින්න
    Featured

    ඔබත් විදෙස් රැකියාවක් සොයන්නෙක්ද – මේ ගැන අවධානයෙන් සිටින්න

    By LFNFebruary 13, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සැකසු අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් මුදල් වංචාකළ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.

    එම කාර්යාංශය පවසන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම ජාවාරම්කරුවන් වෙනත් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවය.

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කිසිදු පුද්ගලයෙකුව විදෙස් රැකියා සඳහා යොමු නොකරන බවත් රැකියා සඳහා විදෙස්ගත කිරීම් සිදුකරන්නේ ඒ අදාළ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා ආයතන විසින් පමණක් බවත් ඔවුන් අවධාරණය කරයි.

    කිසිදු අවස්ථාවක සිය අත්සන යොදා පුද්ගලයෙකුව විදේශ රැකියාවක් සඳහා යොමු කිරීමට කටයුතු නොකළ බවත් එවැනි ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසත් විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි.

    මෙම ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණයක් පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණික් ද යොමු කර තිබෙන බව ද විදේශ රැකියා නියුත්කි කාර්යංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.

    විදෙස් රැකියාවක් සඳහා යොමුවීමට තමන් තෝරා ගන්නා විදේශ රැකියා ආයතන නීත්‍යානුකූල ලියාපදිංචි ආයතනයක්ද යන්න තහවුර කර ගැනීම සඳහා විදෙස් රැකියා නියුත්කි කාර්යංශයෙන් විමසිය හැකි බවද දන්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.