Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොයම් කහ වෙන හේතුව හෙළිවෙයි
    Featured

    ගොයම් කහ වෙන හේතුව හෙළිවෙයි

    By LFNFebruary 6, 2023No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා කහ පැහැගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    ගොයම් ගස් කහ පැහැ වන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය පසුගිය කාලය පුරාම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණි.

    ඇළහැර ගොවි ව්‍යාපාර යටතේ වගාකළ දියබෙදුම නෑහින්න ප්‍රදේශයේ ගොවීන්ගේ වී වගාවද අදවන විට කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරුවී අවසන්ය.

    බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (05) ප්‍රකාශ කළේ වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා එම කහ පැහැ ගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බවය.

    බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා,

    “ප්‍රධානව දක්නට ලැබුණේ බංඩි පොහෙර ප්‍රමාණවත් පරිදි නොයේදීම. ශාඛවල වර්ධනයත් අඩුවුණා. ඒ වගේම වටපණු හානිය සමහර තැන්වල තීව්‍රවෙන්න බලපෑවා. අපි දැනට පස් සාම්පල 200කට වැඩි ප්‍රමාණයකුත්, ශාඛ සාම්පල 150කට වැඩි ප්‍රමාණයකුත් අරගෙන තියෙනවා. මේවත් අපේ විද්‍යාගාරවල විශ්ලේෂණය කරනවා. අපි කාබනික පොහොර සම්පලත් විශ්ලේෂණය කරනවා.”

    මේ තත්ත්වය මත මහ කන්නයේ අස්වනුවල අඩුවක් සිදුවිය හැකි බවට හුරුළුවැව එකාබද්ධ ගොවි සංවිධානය අනතුරු අඟවයි.

    හුරුළුවැව එකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක මහතා,

    “යුරියා කිලෝ 163ක් පමණයි ලබාදුන්නේ. දිලීර පලිබෝධවලට අද වී වගාව පත්වෙලා. 40%ක අස්වනු හානියක් තියෙනවා.”

    කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ එවන් අවදානමක් නොමැති බවය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පී.මාලතී මහත්මිය,

    “අස්වැන්න අඩුවීම ගැන අපි තක්සේරු කළා. ඒ අනුව අපිට රිපෝට් එක හම්බුණා. මහ කන්නයෙන් මෙට්‍රික් ටොන් මිලියන 2.3ක ඇස්වැන්නක් ලැබිලා කියලා. ඒ වී අස්වැන්න ඇත්තටම මාස 7කට ඇති වෙයි. මේ අවුරුද්දේ අපිට හාල් හිඟයක් එන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.