Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කවර බාධක නිර්මාණය කළත් මා ඉදිරියට යනවා – ජනපති
    Featured

    කවර බාධක නිර්මාණය කළත් මා ඉදිරියට යනවා – ජනපති

    By LFNFebruary 5, 2023Updated:February 5, 2023No Comments5 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    අද වනවිට රට පත්වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉන් ගොඩඒම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

    “මම අද පවත්වන්නේ සම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙමෙයි. මම කතා කරන්නේ අද අපිට අහිමි වී තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. අද අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මින් පෙර මෙවැනි බරපතළ තත්ත්වයකට අපි මුහුණ දී නැහැ. අපිට එහෙම වුණේ ඇයි. අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වරද පටවන්න බැහැ. අපි මුල සිටම වරද්ද ගත්තා.”

    “නිදහසින් පස්සේ අපි බෙදුනා. සැකය වෛරය ඇතිවෙන තෙක්ම බෙදුනා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අයව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා. දේශපාලනයේදී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කිව්ව දේශපාලකයින්ව ජනතාව ප්‍රතික්ෂේප කළා. රටේ සැබෑ තත්ත්වය පෙන්වාදී පිළියම් සොයන අයට තැනක් ලැබුණේ නැහැ.”

    “අපි පොරොන්දු දේශපාලනයක සිර වුණා. අපිට අයිති නැති ණයට ගත්තු සම්පත් මත යැපුනා. වැඩි වැඩියෙන් ණය ගත්තා. රැකියා, උපකරණ, මුදල් බෙදුවා. අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න. දරුවෙක් පාසලට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න වගේ පුද්ගලික වාසි බලාගෙන අපි වැඩ කළා.”

    “අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් බලය ලබාගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බකර ගන්න. අපි පොරොන්දුවලට හිර වුණා. අපි සටන් පාඨවලට හිර වුණා.”

    “මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටුකිරීම සඳහා වැඩි වැඩියෙන් ණය ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙමෙයි. අපි බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා.”

    “සිංගප්පූරුව ගොඩනගන හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙහෙම කිව්වා. ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල්තැන දීපු නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් සිංගප්පූරුවත් අද විනාශයි.”

    “ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. නමුත් මම ඒකට කැමති නැහැ. අමාරුයි, වේදනාකාරී, දුෂ්කරයි.. නමුත් ඒ තුවාලය අපි හොඳකර ගමු. වේදනාව කෙටි කාලයකට වින්ඳොත් තුවාලය නිට්ටාවටම සුව කරගනන්න පුළුවන්.”

    “සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න බැහැ. සැබෑ ආර්ථික නිදහසක් ලබා ගන්න නම් අපිට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරාවලෙන් ගොඩ එන්න අපිට තිබෙන්නේ එකම එක ඉනිමඟයි. දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉනිමඟ ඇදලා පැත්තකට දැම්මොත් අපිට රටක් නැහැ. හෙටකුත් නැහැ.”

    “මේ අවුරුද්දේ මුල් මාස 06 පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල්ඇතිවම කිව්වා. අකමැත්තෙන් වුවත් ඊට මුහුණ දෙන්න අපිට සිදුවෙනවා. රට වෙනුවෙන් ඒක විඳගන්න අපිට සිදුවෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ විශාල පිරිසක් දුගී භාවයෙන් මිදී මධ්‍යම පන්තිය වෙත පිවිසියත් මේ රට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි බිමක් බවට පත්වී තිබෙනවා.”

    “වැඩබිම්වල උරෙන් උට ගැටිය යුතු තරුණයින් විදේශගතවීම සඳහා පෝලීම්වල තෙරපෙන හැටි මම දකිනවා. අපි එය වෙනස් කළ යුතුයි. එසේ නම් අපි මේ ආර්ථිකය නවීකරණය කර ලෝකයට විවාත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන්ව සදාතනික යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන පක්ෂ කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බලාපොරොත්තුවෙන් සිටි සිස්ටම් චේන්ජ් වෙනසයි. ඒ සඳහා මාගේ රජය නව ප්‍රතිසංස්කරණ මාවතකට යොමුවී තිබෙනවා. ඒ වෙනුවෙන් ගනු බලන තීරණ යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබුවද අපිට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපිට ඒ පිළිවෙත අනුගමනය කළ යුතුව තිබෙනවා.”

    “මේ අර්බුදය ජය ගන්න නම් පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන්ම දායක විය යුතුයි. රටට අවශ්‍ය මූලික පියවර සහ පදනම දැන් සකස් කර අවසන්.”

    “IMF සහාය ලබාගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අපි සාර්ථකව අවසන් කරගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් විතරක් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි සමස්ත ක්‍රමයේම වෙනසක් සිදුකළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රනය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැලපෙන විදියට වෙනස් කළ යුතුයි. ඒ වෙනස අපිටත් රටටත් දැනෙන යහපත් එකක් විය යුතුයි.”

    “අලුත් ක්‍රමවේදය තුළ තරුණ සහ කාන්තාවන්ගේ නියෝජනය සඳහාත් වැඩි ඉඩක් ලබාදිය යුතුයි. මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පනත් ගණනාවක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. උතුරු නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටලු ගැන කඩිනම් පියවර ගත යුතුයි. ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කළා. ඉඩම් මුදාහැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අපි ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

    “මා මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්නේ නැහැ. රෝග නිදානයට පිළියම් කිරීමට. එය දුෂ්කරයි. අසීරුයි. ජනාධිපති ධුරයට පත්වූ දා පටන් මට ගන්න වුණු තීරණ බොහෝමයක් ජනප්‍රිය තීරණ නෙමෙයි. නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිඳු පුද්ගලයෙකු තෙල් පෝලිම්වල මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. කවුරු කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමග එක්වී මෙම නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.”

    “එකමුතුව ඉදිරියට ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදා කරගන්න පුළුවන්. අනාගතයට අලුත් රටක් නිර්මාණය කිරීම අපි සැමගේ වගකීම. ඒ වෙනුවෙන් එක්වෙන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර 25 සඳහා අපි සකස් කර ඇති සැලසුම් සමගින් අපි එක්සත් ගමනක් යමු. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද මේ ගමනට උර දිය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.