Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුමන්ත්‍රණයක් ගැන ඇමති අමරවීරගෙන් හෙළිදරව්වක්
    Featured

    කුමන්ත්‍රණයක් ගැන ඇමති අමරවීරගෙන් හෙළිදරව්වක්

    By LFNJanuary 23, 2023Updated:January 23, 2023No Comments1 Min Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යම් දේශපාලන පක්ෂයක් විසින් කාබනික පොහොර පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ ගොවි සංවිධාන හරහා දෛනික මාධ්‍ය හමු පවත්වමින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කළේය.

    “ගිය වතාවේ කිව්වේ බාල පොහොර ගෙනාවා කියලා. ගිය යල කන්නයේම කිව්වා. දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායම් විවිධ දේවල් කියනවා. පස්සේ කට වහගත්තා. මම කිව්වා ඔප්පු කරලා පෙන්වන්න, නැත්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඔක්කෝම මඟ ඇරලා ගියා ගිය පාර හොඳම පොහොර දුන්නේ කියලා. මේ සැරෙත් මේ ලෙඩ පටන් ගන්නකොටම කිව්වා බාල පොහොර ගෙනල්ලා යූරියා කියලා. ඒක හරි ගියේ නැති වුණාම ඒක තහවුරු කරගන්න බැරි වුණා, හොඳම පොහොර ගෙනල්ලා තියෙන්නේ. දැන් කියනවා කාබනික පොහොර බාලයි කියලා. මේවා කරන කට්ටිය ඉන්නවා. අද සැලසුම් සහගත එක දේශපාලන පක්ෂයක් උපදෙස් ලබාදීලා තියෙනවා, මට තොරතුරු ලැබිලා තියෙනවා සෑම තැනම මාධ්‍ය සාකච්ඡා තියලා කෘෂිකර්මාන්තය අඬාල වුණා කියලා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්න කියලා එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගොවි සංවිධානයක්ට උපදෙස් ටිකකුත් කරලා තියෙනවා. ඒ අනුව තමා සංවිධාන මට්ටමින් කටයුතු කරන්නේ. ඒවා ප්‍රශ්නයක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.