Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රඹුක්කන ද්විත්ව ඝාතනය ගැන ප්‍රධාන සැකකරු කරුණු රැසක් හෙළිකරයි
    Featured

    රඹුක්කන ද්විත්ව ඝාතනය ගැන ප්‍රධාන සැකකරු කරුණු රැසක් හෙළිකරයි

    By LFNJanuary 20, 2023No Comments2 Mins Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වළදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ඝාතනවලට අවශ්‍යව සිටි හලීම් නමැත්තා ද සමගින් ඔහු පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    මොහොමඩ් ෆර්හාන් හෙවත් හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පුත්තලම නගරයේ සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව අදාළ ප්‍රදේශයට ගිය විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගත්තේ නිවසක සැඟව සිටියදීය.

    එමෙන්ම අදාළ ඝාතනවලට සම්බන්ධ තවත් සැකකරුවකු වන හලීම් නමැත්තා ද ඔහු සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    මොවුන් දෙදෙනාට නවාතැන් හා ආහාර පාන සැපයූ පුද්ගලයෙකුව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම සැකකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලීසිය විසින් සොයාගත් අතර අද දහවල් සැකකරුවන්ව කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත රැගෙනවිත් තිබුණි.

    පසුව ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ තරුණයක් දෙදෙනා ඝාතනය කිරීමේ අරමුණින් පහර නොදුන් බවය.

    එමෙන්ම මියගිය තරුණයින් දෙදෙනාට වධ හිංසා පැමිණ වූ බවත් මියගිය පසු ඔවුන් දෙදෙනාව වළදැමූ බවත් සැකකරු පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

    අනතුරුව සැකකරුවන් දෙදෙනාව ඝාතනය සිදුවූ බව කියන හුරිමළුව ප්‍රදේශයේ අදාළ නිවසට රැගෙන ගියේය.

    එහිදී සැකකරු විසින් ඝාතනය සිදුකළ ස්ථානය සහ තරුණයන් දෙදෙනා වළදමා තිබූ ස්ථානය පොලිස් නිලධාරීන්ට පෙන්වා තිබුණි.

    අනතුරුව ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නමැත්තාගේ පියාගේ නිවසට ඔහුව රැගෙන ගිය අතර එහි ජල ටැංකියක් අසල සඟවා තිබූ ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන කඩු දෙකක් සහ යකඩ පොල්ලක් ද පොලීසිය සොයා ගත්තේය.

    සැකකරුවන්ව අද කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.