Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?
    Featured

    විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

    By LFNJanuary 15, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි.

    මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

    එම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයින් පිරිසක් එක් සිටී.

    විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් ඉංජිනේරුවරයෙකු පොළොන්නරුව කාර්යාලයට අනියුක්ත කර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවය.

    එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවෙක්,

    “දේශපාලන බලපෑමක් නිසා තමයි මාරු කරලා තියෙන්නේ. මොකද ඒ මිනිස්සුන්ට මංකඩ ගන්න තියෙනවා අලුතින් දේශපාලනඥයින්ට කඩේ යන අයට. ඒ හින්දා තමයි ඒ මහත්තයා මාරු කරලා වෙන මහත්තයෙක්ව ඒ ගොල්ලන්ට ඕනේ විදියට දාගෙන තියෙන්නේ.”

    කෙසේවෙතත් මඩකලපුව කැනීම් ඉංජිනේරුවරයා පොළොන්නරුවට අනියුක්ත කළහොත් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතුවලින් ඉවත් වන බව ටිපර් රථ රියදුරන් පවසයි.

    මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ අසේල ප්‍රනාන්දු මහතා තම ආයතනයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, පැහැදිලි හේතුවක් නොදක්වා සේවා අවශ්‍යතාවය මත බව පවසමින් කරනු ලබන මෙවැනි හදිසි මාරුවීම් තුළින් ඉංජිනේරුවරු දැඩි කලකිරීමකට පත් විය හැකි අතර කාර්යාංශය හැර යාමට එය හේතුවක් විය හැකි බවය.

    ඒ අනුව, අදාළ ස්ථාන මාරුවීම් දෙක අවලංගු කරන ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා සිටී.

    තම ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, සේවා අවශ්‍යතාවක් නොමැති පසුබිමක ස්ථාන මාරුව ක්‍රියාත්මක වන්නේ නම් තමන් 2023-01-17 වන දින සේවයෙන් ඉවත් වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.