Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි
    Featured

    ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි

    By LFNJanuary 12, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

    BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    මේ අතර අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාව සඳහා වන අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලින් ලාඕබකර් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්ත්වය ඇති කිරීම සඳහා අමෙරිකාව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව එහිදී අමෙරිකානු නියෝජිතයින් විසින් අවධාරණය කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බැවින් සියලුම ණයහිමියන්ට එක්ව සාකච්ඡා කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ද අමෙරිකානු නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.