Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජගිරියේ විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙක් අත්අඩංගුවට
    Featured

    රාජගිරියේ විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙක් අත්අඩංගුවට

    By LFNJanuary 11, 2023No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් එම නියෝජිතායතනය විසින් සම්මුඛ පරීක්ෂණ සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව, විදේශ රැකියා සඳහා අයදුම්පත් කැඳවීම හා ප්‍රචාරය කිරීම නොකළ යුතු වේ.

    අදාළ රැකියා නියෝජිතායතනය නීත්‍යානුකූල ආයතනයක් වන නමුත් නෙදර්ලන්තයේ රැකියා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර, රැකියා ලබාදීම සඳහා රුපියල් 5,000 බැගින් අතිකාරම් මුදල්ද ගෙන ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වටලා තිබේ.

    එම අවස්ථාව වන විට තුන්සීයකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා අදාළ ස්ථානයට පැමිණ තිබු අතර, මෙය නීතිවිරෝධි අයුරින් සිදුකරන කටයුත්තක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් විසින් අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරුවන්ට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    එහිදී නිතිවිරෝධි අයුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 200ක්, රුපියල් හාරලක්ෂ තුන්දහස් අසූවක මුදලක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී‍ සැකකරුවන් වරද පිළිගත් බැවින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.