Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදර්ශනී ගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ
    Featured

    ආදර්ශනී ගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

    By LFNJanuary 10, 2023No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආශූ මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශනී කරදන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවය.

    ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

    ඉල්ලුම්කාර කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

    මෙසේ අත්අඩංගුවට පත්වූවවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ආශු මාරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන හෙයින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බව පැවසීය.

    එම නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය විමර්ශන කටයුතුවලට සහාය දීමක් ලබානොදෙන හෙයින් එම අවස්ථාවේදී ඇයට ඇප නියම කරනු ලැබුවවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.