Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව බදු සංශෝධනය ගැන වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
    Featured

    නව බදු සංශෝධනය ගැන වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පවත්වා තිබේ.

    එහිදී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

    “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සංගමය, එකාබද්ධ විධාක නිලධාරීන්ගේ එකමුතුව වැනි රටේ වෘත්තිකයින්ගේ වෘත්තිය සංගම්වල ඉතා වැදගත් සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. මේ සාකච්ඡාව කේන්ද්‍රගත වුණේ මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත අසාධාරණ බදු සංශෝධන හරහා මේ රටේ රාජ්‍ය සේවකයින්ට මේ රටේ සේවා නියුක්තිකයින්ට මේ රටේ වෘත්තිකය්නට වෙලා තියෙන බලපෑම සහ ඒ හරහා මේ රටට සහ රටේ අනාගතයට බලපාලා තියෙන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම. එහිදී මේ බදු සංශෝධන හරහා ඇති වෙලා තියෙන තත්ත්වය ඒ තුළ මේ රටේ අනාගතය, විද්වතුන් වෘත්තිකයින් මේ රට ඇතහැර යාමේ ප්‍රවණතාවය ඉහළ යාම හරහා ඇති විය හැකි අවදානම ගැන අපි දැනුම්වත් කළා.”

    සිය ගැටලු සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී එකඟ වූ බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

    “වෘත්තිකයින් විදියට අපි සූදානම් ඕනෑම මොහොතක බදු ගෙවන්න. බදු ක්‍රමය සාධාරණ විය යුතුයි. ජාතික බදු ප්‍රතිපත්තියක් පැවැතීමේ අවශ්‍යතාවය අපි ඊයේ දිනයේ සාකච්ඡාවේදී අවධාරණය කළා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමාගේ පැත්තෙන් රටේ ආර්ථීක තත්ත්වය ගැන කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළ කාරණය මේ යෝජනා සහ මේ තොරතුරු සියල්ල බ්‍රහස්පතින්දා දිනයේ දී ජනධිපතිතුමා එක්ක තිබෙන සාකච්ඡාවකදී එතුමාට ඉදිරිපත් කරනවා කියන කාරණය. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ සාකච්ඡාවේදී අපිට සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. කොහොම වුණත් මේ අසාධාරණ බදු සංශෝධනවලට එරෙහිව මේ වන විටත් විශාල විරෝධතාවයක් ගොඩ නැගෙමින් පවතිනවා. වෘත්තීයවේදීන් අතර විශේෂයෙන්. වෛද්‍යවරුන් මේ වන විට අත්සන් 20,000 ක පෙත්සමක් අත්සන් කරමින් පවතිනවා. සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙනකම් අපි අපේ විරෝධතා අඛණ්ඩව ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.