Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි කරලා
    Featured

    පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි කරලා

    By LFNDecember 31, 2022No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

    මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්,ඔවුන් දැරු ධුර වලින් ඉවත්තර සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙ`ථව, ඕපාත, ඉගුරුවත්ත , ගිරානේගම,මධුරාගොඩ,මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පසුගියදා පානදුර නගරයේ දී විරෝධතාවක් අතරතුර කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු බෙල්ලෙන් අල්ලා තල්ලුකර හිංසනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටින පානදුර මුලස්ථානය පොලිස් පරීක්ෂකවරයා ද තණතුර අහිමි වීම විශේෂ සිද්ධියක් විය.

    ඔහු සාමාන්‍ය රාජකාරි සදහා ගම්පහ කොට්ඨාසයට අනුයුක්ත කර ඇත.

    මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධ පොලිස් පණිවිඩය නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාව එම්.එන්.සිසිර කුමාර මහතා ගේ අත්සනින් ඉකුත් 23 දින නිකුත් කර තිබුණ.

    සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් සිදුකළ බව එම නිවේදනයේ සදහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.