Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාලවයස්කාර දැරියක් රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    බාලවයස්කාර දැරියක් රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 30, 2022No Comments2 Mins Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සූදානමින් සිටි තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා විසින් මෙම විවාහය සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු විසින් දැරියව සඟවා තබා ගැනීමට නවාතැන් ද ලබාදී ඇත.

    එම දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු එලෙස ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ නිකවටවන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසිනි.

    සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර තිබුණි.

    සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පාසල් සිසුවිය මීට මාස 02කට පමණ ඉහතදී දඹුල්ල රෝහලේදී සිය මිත්තණියගේ සාත්තුව සඳහා රැඳී සිටියදී මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බවය.

    විවාහ උත්සවයට පෙර දැරියගේ ආගම වෙනස් කිරීමේ ප්‍රීතිය සැමරීමට දැරියගේ මව, පියා සහ තවත් කිහිප දෙනෙකු මෙන්ම තරුණයාගේ ඥාතීන් පිරිසක් එක්වී නිකවටවන ප්‍රදේශයේ නිවසක සාදයක් ද පවත්වා තිබේ.

    පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තමා අදාළ තරුණයා සමග එම නිවසේ තනිවූ බවය.

    තවදුරටත් මෙම දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, 15 හැවිරිදි දැරිය මීට පෙර ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙකු අතින් අතවරයට ලක්වී ඇති බවය.

    අදාළ සැකකරුට විරුද්ධව ගලේවෙල පොලීසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවත් අනාවරණය වී ඇත.

    මව්පියන්ගේ දැනුවත්කම මත මෙම විවාහය සිදුවීමට ගිය බවද ඇය පවසා තිබේ.

    දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොළ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා ගයන්ති මහත්මිය ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.