Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිතුමතේ ගත් තීරණයක් නිසා දැවැන්ත මුදලක් රටට අහිමි වෙයි ?
    Featured

    හිතුමතේ ගත් තීරණයක් නිසා දැවැන්ත මුදලක් රටට අහිමි වෙයි ?

    By LFNDecember 8, 2022No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි ඒ පිළිබඳ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

    එම ව්‍යාපෘතියේ ජපාන උපදේශන සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් ඊට අදාළවත් අමතර අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද එම වාර්තාවේ සඳහන්ය.

    කොළඹ මාර්ග තදබදය අවම කිරීම සහ මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව 2016 වසරේ ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීම පිළිබඳව විගණන වාර්තාවක් මගින් මෙලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    එමගින් පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇති බවය.

    එම වියදමට අමතරව අදාළ ව්‍යාපෘතියේ ජපාන උපදේශක සමාගම, ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 5,169ක වන්දි මුදලක්ද ඉල්ලා ඇති බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ සඳහන් වෙයි.

    එම සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක්ද ඇතුළුව තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි මෙමගින් පෙන්වා දී තිබේ.

    එසේම එම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස රුපියල් කෝටි 10.4ක මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති අතර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවිය යුතු වුවත් අතරමඟ නැවතීම නිසා එම පෙර ගෙවුම් ගාස්තුවද අනර්ථකාරි වියදමක් වී ඇති බව සඳහන්ය.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය එම ව්‍යාපෘතිය සඳහා වසර 12 සහන කාලයක් සහිතව වසර 40 ගෙවීමට හැකි වන පරිදි සියයට 0.1ක සහන පොලී පදනමක් යටතේ ණය ලබාදී තිබියදීත් ව්‍යාපෘතිය අවලංගු කිරීමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද වාර්තාවේ දැක්වෙයි.

    ව්‍යාපෘතිය අවලංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වනදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.

    මෙම ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීම ජයිකා ආයතනය ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් බේරුම්කරණ කාර්යයකට මුහුණ පෑමට ඉඩ ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.