Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවාට ගිනි තැබීමේ සිද්ධිය සමග චන්ඩි සොයා පොලීසිය අම්පිටිය පීරයි
    Featured

    සිසුවාට ගිනි තැබීමේ සිද්ධිය සමග චන්ඩි සොයා පොලීසිය අම්පිටිය පීරයි

    By LFNDecember 2, 2022No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    A සාමාර්ථ 9ක් සමගින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුවෙකුට පුද්ගලයෙකු භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියත් සමඟ ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

    ඒ අනුව මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් අම්පිටිය ප්‍රදේශයට පැමිණ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.

    සිද්ධියට අදාළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපක් කළේය.

    පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය.

    අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි.

    මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ පාසල් සිසුවෙක් A සාමාර්ථ නවයක් සමගින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණි.

    පසුගිය 26 වනදා රාත්‍රියේ පියා ද සමග ඔහු මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ තමන් ලද ඒ විශිෂ්ට ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇයට දැනුම්දීමටය.

    ඔවුන් නැවත නිවස බලා පැමිණෙන අතරවාරයේ අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ සිසුවාගේ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තා වී ඇති අලුත්ම තොරතුර වන්නේ, එම පුද්ගලයා සිසුවාගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා එය නොදීම නිසා උරණ වී මෙලෙස ගිනි තැබූ බවය.

    අත් දෙකට සහ බෙල්ලට සිදුවූ බරපතළ පිලිස්සුම් හේතුවෙන් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු සැත්කමකටද භාජනය කර තිබේ.

    ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් සැරිසරන මෙම මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරාම ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් මෙවැනි අමානුෂික ක්‍රියාවල නිරතවෙමින් සිටින බවය.

    හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන මොවුන් කලක පටන් අම්පිටියේ ජනතාව බියගන්වා කප්පම් මුදල් ලබාගන්නා අතර ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.