Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට
    Featured

    හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

    By LFNNovember 15, 2022No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කළ බව .

    මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

    “මේ රටේ පුරවැසියන් සතු ප්‍රධාන අයිතියක් තිබෙනවා. ඒ තමා මානව අයිතිය. ඒක තහවුරු කෙරෙනවා රටේ උත්තරීතර නීතියෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්. කනගාටුවට කාරණාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් ක්‍රියාත්මක නොවන අව නීතිය රජ කරවන රටකයි අපි මේ ඉන්නේ. නමුත් අපි විශ්වාස කරනවා අවසානයේ මේ රටේ ජන බලය ඒකරාශී කරලා, ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අවස්ථාව වැඩිදුරක් නෑ. කාන්තාව කියන්නේ අපේ රටේ බහුතරයක්. 52%ක්. මේ රටේ යම්කිසි පාදඩ කොට්ඨාසයක් ඉන්නවා කාන්තා අයිතිය ගැන කතා කරද්දි හිනාවෙන. ඒ ගැන විවේචනය කරන. අපි එතැන නෑ. කාන්තාව කියන පුද්ගලයා මේ රටේ හිංසනයට, පීඩනයට, අසහනයට, කෘරත්වයට, අමානුෂික ප්‍රහාරවලට ලක්වන පාර්ශවයක්. ඒ නිසා මං හිතන්නේ, කාන්තාවන් ගැන කතා කරනකොට සමච්චලයට ලක්කරන්න ඕන මාතෘකාවක් කියලා. අපි මේ රටේ කාන්තා අයිතිය වෙනුවෙන් ඉතාමත් ශක්තිමත්ව පෙනී සිටිනවා. ලබන පාර අපි එන්නේ, කිහිපදෙනෙක් එක්ක නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක්කයි අපි එන්නේ. ඒක නිසා මේක සුළු පටු විදියට සලකන්න එපා කියලා අපි කියනවා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.