Author: LFN

රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්  බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09  පතරොම් 225ක් ජංගම දුර කතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය දුම්රිය ‍පොල පාර පදිංචි 50 හැවිරිදි සංචාරක ව්‍යාපාරිකයෙකි. සැකකරු සංචාරකයන් සඳහා බෝට්ටු සේවාවක් සහ ආපන ශාලාවක් පවත්වා ගෙන යනු ලබන අතර එම ව්‍යාපාරික ස්ථානයේ පිටුපස වල දමා තිබියදි මෙම පතරොම් තොගය සොයාගෙන ඇත. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසයකට ලක්ෂ 90 ක පමණ මුදලක් වැයවූ අතර එය දැන් කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වැය කරන මුදලින් සියයට 60 කට අධික සංඛ්‍යාවක් වැය කෙරෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාරපාන ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණි. බොහෝ දුරට එය මාසයකට දින 8ක් පමණ වේ. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවද පැවසෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය…

Read More

කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව දොම්පේ පොලීසිය පවසයි. යතුරුපැදියේ පසුපස ගමන් කර ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය අයගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින කාන්තාවක් බව දොම්පේ පොලිසියේනිලධාරියෙක් පැවැසීය. අද වාහන රදාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිටි 42 හැවිරිදි චන්දන රාජපක්ෂ සහ හතළිස් පස් හැවිරිදි ප්‍රබෝධා නයනි නැමැති නැමැති කාන්තාවකි. වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන එම වෑන් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය.

Read More

කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවීමත් සමඟ වයිරසය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කෙරුණි. එහිදී අනාවරණය වුණු කරුණු අනුව, ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පැහැදිලි කර ඇත්තේ, රටේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ‘ඉන්ෆ්ලුවෙන්සා’ වයිරසයට අයත් ‘එච්3එන්2’ උප ප්‍රභේදය බවය. සෙසු ‘ඉන්ෆ්ලුවෙන්සා’ ප්‍රභේද මෙන් නොව, ‘එච්3එන්2’ වයිරස ප්‍රභේදය දරුණු බවත්, ‘එච්3එන්2’ වයිරසය ආසාදනය වන වැඩි පිරිසකට ස්වසන ආබාධ ඇති වන බැවින් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත්, ඉන්දීය වෛද්‍යවරුන්…

Read More

ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ. පාසල් අධ්‍යඳාපනයට විරෝධය පළ කරන එම අන්තවාදීන් පාසල් දැරියන්ට මෙසේ වස දෙන්නේ,  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් බාලිකා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට එම අන්තවාදීන්ට අවශ්‍ය වී ඇති බවත් ඉරාන රජය පවසා තිබේ. වස මුසු කළ ආහාර ගැනීමෙන් රෝගී වූ දැරියන් සිය ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි. ඉරාන රජයට විරෛා්ධය දක්වමින් වීදි බැස සිටින බොහෝ දෙනා පාසල් දැරියන්ගේ මාපියන්ය. තම දැරියන්ට නිසි ආරක්ෂාවක්…

Read More

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි. ඊයේ (04) සවස 3 .52 ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රිය, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී පෙට්ටි 5 ක් පීලි පැන තිබේ. මෙම හේතුව නිසා එහි ගමන් ගත් දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවතිබේ. මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඉතිරි දුම්රිය පෙට්ටි 7 සවස 5.45 පමන වන විට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කළ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය. අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය සේවයකයින් පීලි පැන ඇති දුම්රිය පෙට්ටි 5 පීලිගත කිරීමට මේ…

Read More

දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි  තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි. මෙසේ හමුව ඇත්තේ බේරුවල, මොල්ලිමලේ , පන්සල පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆවුමින් ෂහනම් භානු නැමැති  තරුණියකගේ මළසිරුරකි. ඇය අතුරුදන් බවට පෙරේදා (02) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි . මසුන් මැරීම සදහා බේරුවල , මරදාන ධීවර තොටුපොලෙන් අද උදෑසන 6 ට පමණ  මුහුදු ගිය ධීවරයින්ට සැතපුම් දෙකක් පමණ ඇත මුහුදේදී හමුවී මළසිරුර රැගෙන විත් ඇත.

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  තවත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි. පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ අවම රුපියලේ අගය අද සටහන් වී තිබුණි. මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය. මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබුණි.…

Read More

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව දන්වා ඇත. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවය. මේ අතර, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා සඳහන් කළේය.

Read More