Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයේ යළිත් විරෝධතා
    International

    ඉරානයේ යළිත් විරෝධතා

    By LFNMarch 5, 2023No Comments1 Min Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ.

    පාසල් අධ්‍යඳාපනයට විරෝධය පළ කරන එම අන්තවාදීන් පාසල් දැරියන්ට මෙසේ වස දෙන්නේ,  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් බාලිකා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට එම අන්තවාදීන්ට අවශ්‍ය වී ඇති බවත් ඉරාන රජය පවසා තිබේ.

    වස මුසු කළ ආහාර ගැනීමෙන් රෝගී වූ දැරියන් සිය ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි. ඉරාන රජයට විරෛා්ධය දක්වමින් වීදි බැස සිටින බොහෝ දෙනා පාසල් දැරියන්ගේ මාපියන්ය. තම දැරියන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුහු රජයට දොස් නගති.

    ඉරානයේ මීට පෙර, මාස ගණනක්, ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, ඉරාන නීතියට අනුව, නිසි අයුරින් හිජාබය පැලඳ නොසිටි කුර්දි තරුණියක පොලිස් අත්ඩඅංගුවේ සිටිද්දී, පොලිසිය කළ කෙණෙහිළිකම් හේතුවෙන් මියයෑම නිසාය.

    පාසල් දැරියන්ට වසදීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ, එය විදේශීය කුමන්ත්‍රණයක් යැයි සැක කරන බවය. සුපුරුදු පරිදි ඉරාන උත්තරීතර නායකයා, දැරියන්ට වස දීම සම්බන්ධයෙන් ද චෝදනා කර ඇත්තේ ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.