Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය,ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම පවසයි. ඔනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන…
මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ(2) පස්වරුවේ පැවසීය. මහජන උපයෝගිතා කොමිසම් පනතෙන් සභාපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව උප සභාපතිවරයා පත්කළ බව ද රත්නායක මහතා සදඟන් කළේය. එම කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා ඉල්ලාඅස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණි.
පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය. පොලිස්පති ධූරය සඳහා ඉහත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙනම කරුණු ඉදිරිපත් කිරීමට ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනකු කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයකන් 107 639ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේ පෙබරවාරි මස හා සැසදීමේදී සියයට 11.5ක වර්ධනයක් බවද එම අධිකාරිය පවසයි.මේ අනුව මේ වසරේ ගතවූ මාස දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙයි. 2023 වසරේ පෙබරවාරි මස 28 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 210 184ක් බවද එම අධිකාරිය පවසයි.
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයකු සතුව තිබූ ටී56 රාජකාරි ගිනි අවිය සහ පතුරම් 60 ක් අඩංගු ගැබ් දෙක සොරාගත් බව කියන එම කඳවුරේ ම ගුවන් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 2022 නොවැම්බර් 4 වැනි දින මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි. ගිනි අවියේ අංකය මකා දැමීමට යොදා ගත් ග්‍රයින්ඩරය ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පතරොමි ගැබ් රදවනය කදවුර ආසන්නයේ තිබී සොයාගෙන ඇත. සැකකාර ප්‍රධාන සැකකරු වන ගුවන් භටයා ගිනි අවිය සොරකම් කිරීමෙන් අනතුරුව ග්‍රයින්ඩරයක් ආධාරයෙන් එහි රහස් අංකය කපා දමා ඇතැයි පොලිසිය කියයි.…
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ඉල්ලීමකට අනුව ඇමෙරිකෙයාර්ස් ආයතනය මෙම පරිත්‍යාගය කර තිබේ. එම ආයතනය සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන ආයතනයකි. ගැබිනි කාන්තාවන්ගේ පෝෂණ සෞඛ්‍යයට සහය වීමට සහ ළදරුවන්ගේ උපත් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බහු-පෝෂක අතිරේක අතිශයින් අවශ්‍ය වෙයි. පරිත්‍යාග කරන ලද පෝෂණ අතිරේකවලින් ගර්භනී කාන්තාවන් 16,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන්,…
සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පැවසිය. බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල තේ වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතු කම්කරුවෙකුට මෙසේ කදුකර කොටියා පහර දි තුවාල සිදු කර ඇත. තේ වත්තේ වැඩ කරමින් සිටි තුවාලකරු සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ඒ අසලට ගිය අවස්තාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කදුකර කොටියා පහර දි තුවාල සිදු කර පලාගිය බවයි තුවාල ලැබු වතු කම්කරුවා සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් කියා සිටියේ…
2026 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. මේ සඳහා ව්‍යාපෘති 330ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා රජයේ ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පවසයි. ව්‍යාපෘතිවල අනුමත කිරීම් කඩිනම් කිරීම සහ අඛණ්ඩව සිදු කළ නොහැකි මෙන්ම තාවකාලික අනුමැතිය දී ඇති ව්‍යාපෘති අවලංගු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව අමාත්‍යයරයා පැවැසීය.
ඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. බදු ආදායම් රැස්කර ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර (01) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් දී තිබේ. එසේම ආදායම් බදු නිලධාරීන්ගේ හිඟය පියවීම සහ බදු එක්රැස් කර ගැනීමේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ද එහිදී කරුණු සාකච්ඡා වී ිතබේ.
අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය. ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළේය. “අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ සියළුම දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් අයවැයට මුදල් වෙන් කරන එකට ඒ අය විරුද්ධයි කියන එකනේ. අයවැයට විරුද්ධව ඡන්දය දුන්නනම් ඇයි ඡන්දයට මුදල් දෙන්න කියල කෑගහන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ.” මේ රට තියෙන්නෙ ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයකද? දැන් මිනිස්සුන්ට ඕන ඡන්දයක්ද, සහනද?. ඡන්දයක් පවත්වල සභිකයන් 8711ක් පත්කරගෙන නැවත බඳු ගෙවන්නද ඕන. මේ…