Author: LFN

රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීම සහ සෞඛ්‍ය ඇමතිවරයා අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. ඖෂධවල තත්වය පිළිඳව වගකීම කිසිසේත්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගත නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන අධිකාරීයේ වගකීමක් බව කී කුමුදේෂ් මහතා අධිකාරියේ තාක්ෂණික මතය හසුරවන ඇතැම් විශේෂඥයින්, තාක්ෂණික තීරණවලට වඩා පෞද්ගලික තීරණ මත කටයුතු කිරීමෙන් අඩු මිලට ගත හැකි ඖෂධ හා ප්‍රතික්‍රීයක ලබා ගැනීමට බාධාවක් නිර්මාණය වී ඇති බව ද සඟන් කළේය. ලියාපදිංචිය නොකල ඖෂධයක වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශයට හෝ මොනම ආකාරයක…

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බවත්, දිගින් දිගයම සිදුවන මෙම තර්ජන උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන්ගෙන් කළ විමසුමකදී උණ්වහන්සේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම මිහින්තලේ පොලිසියට පැමි’ණ’ලි දෙකක් ඉදිරිපත් කළ බවත්, දිගින් දිගටම එම තත්ත්වය පැවැතීම හෙතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ’ලි කළ බවයි. 13 වැනි ආණ්ඩුක්රපම ව්යනවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව හා එය හකුලා ගන්නා ලෙස බලකරමින් තමන් වහනසේ ඇතුලු මහා සංඝරත්නය…

Read More

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

Read More

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමේ ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, තහනම් කරන ලද විදේශ අරමුදල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව බවද එම වාර්තා පවසයි. මේ අතර පාකිස්තාන මැතිවරණ කොමිසම ආසන්නයේ විරෝධතාවයක නිරතවීමට අදාළ නඩුවක් වෙනුවන් ද ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2% ලෙසය.

Read More

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් හෙට කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, “සියලුම ක්ෂේත්‍රවල වෘත්තියවේදීන් දහස් ගණනක් හෙට කොළඹට රැස්වෙනවා. මේ තව සංඥාවක් විතරයි. මෙම සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුණොත් මේ රට අකර්මන්‍ය වෙන්නත් පුළුවන් කියන කාරණය ආණ්ඩුවට මතක තියාගන්නත් සිද්ධ වෙනවා.”

Read More

මැතිවරණ කල්දැමිය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදීයා – “මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද ?” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – “මැතිවරණ කල්දාන්න ඕනේ නැහැ. මැතිවරණ තියන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. මැතිවරණ තියෙන්නේ තියන්නනේ. නැතුව කල්දාන්න නෙමෙයිනේ.”

Read More

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත. ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවය. ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ…

Read More

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි. එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර තිබුණි. ඒ අනුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් පොලීසිය කියයි. ඉකුත් 15වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර…

Read More