Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මුල්‍ය ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කර ඇති හෙයින් ඊට දායකවීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයින් පිරිසක් අද (22) කටයුතු කර තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම් යොමු කිරීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් එලෙස අද කටයුතු කර තිබේ. මෙම ඡන්දදායකයින් පිරිස පාදුක්ක තැපැල් කාර්යාලයට පැමිණ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට රුපියල් 100 සහ 200 යනාදී අගයන්වල මුදල් ඇනවුම්පත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි. මේ අතර පළාත් පාලන ඡන්දය දැනට ප්‍රකාශ කර ඇති දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් නොව තීරණ ගන්නා දේශපාලන අධිකාරිය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා…
ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) ආරම්භ වෙයි. G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකාබැලෙන අතර චීනය ඇතුළු මෙරට ණයහිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇත. සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඉන්දියාව, චීනය, සෞදි අරාබිය මෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ G7 කණ්ඩාමේ රටවල මාර්ගගත රැස්වීමක්…
නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ සටහනකට ඇතුලත් වීමට නොහැකි වුවහොත් කිසිම විදේශ රටක් සමග ගනුදෙනුවක් කිරීමට නොහැකි වීම නිසා සමස්ථ ව්‍යාපාර පද්ධතියම කඩා වැටිමට ඉඩ තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබෙිවර්ධන මහතා මෙසේද කීය. ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ මත දරණ කිසිවෙකු විසින් හෝ පුද්ගලයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප යෝජනා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. තවද මෙරට ප්‍රධාන ණයහිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමග වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බවය.
මෙරට බුද්ධි අංශවල සියලු තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත්කිරීමේ උත්සායක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පසුගිය දා මෙරටට පැමිණ ඇති අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් රජය පැහැදිලි තොරතුරක් ජනතාවට ලබාදිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා පැවසීය. අමෙරිකාවේ ඉහළ රාජතාන්ත්‍රක නිලධාරීවරයෙක් ඇතුළු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14 වනදා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවට වාර්තා වුණි. මේ පිළිබඳ තොරතුරු විමසීමේ දී ගුවන්තොටුපොළ නිලධාරීන් එය “Top secret…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) නියෝග කළේය. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි. මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා නියෝගය කළේය. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු…
කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන තිබේ. සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දකුණු කළුතර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.