Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එජාපයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගන්න යයි
    Featured

    එජාපයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගන්න යයි

    By LFNMarch 19, 2023No Comments1 Min Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස අදහස් යෝජනා ලබා ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ.

    අදාල කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර, කමිටු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා කටයුතු කරනවා.

    ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධාන වල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන අදහස් හා යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත බාරදීමට පියවර ගන්නා ලෙස ද කමිටු ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට දැනුම් දී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.