Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු
    Featured

    දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු

    By LFNJanuary 7, 2023No Comments3 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ.

    ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි.

    එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකරගත යුතු වුවද ඒවා අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව හෘද රෝගීන් සඳහා ලබාදෙන මිලිලීටර් 5 බැගින් වූ Dopamine (ඩොපමින්) එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය ජාත්‍යන්තර තරගකාරී ක්‍රමයට ලංසු කැඳවා තිබු අතර එහිදී තෝරාගත් සැපයුම්කරුවෙකුගෙන් එක් එන්නතක් රුපියල් 33.43 බැගින් මිලදී ගැනීමට පියවර ගෙන තිබුණි.

    ඒ අනුව එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා මුළු පිරිවැය ලෙස රුපියල් 4,011,600ක් වෙන්කර ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

    කෙසේවෙතත් එම ඇනවුම ප්‍රමාදවීම හේතුවෙන් එක එන්නතක් රුපියල් 940 ක් වශයෙන් මිලිලීටර් 5 බැගින් වූ Dopamine එන්නත් 12,994ක් ප්‍රධාන සැපයුම්කරුගේ දේශීය නියෝජිතයාගෙන් මිලදී ගෙන ඇති බවද දැක් වෙයි.

    එමෙන්ම තවත් එන්නත් 14,995ක් වෙනත් සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගෙන ඇති අතර සමස්ත මිලදී ගැනීම සඳහා වැයකර ඇති මුදල රු.26,309,660කි.

    ඒ අනුව, ප්‍රධාන ඇනවුමේ මිල හා දේශීය වෙළෙඳපොළේ මිල අතර වෙනස 2,712 % ක් වුවද ඒ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා ප්‍රසම්පාදන කමිටුවේ අවධානය යොමුකර නොතිබු බව එහි සඳහන් වෙයි.

    කෙසේවෙතත් ප්‍රසම්පාදන කොන්දේසිවලට අනුව සැපයුම්කරුගේ වරදකින් සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවු අතිරේක පිරිවැය වන රු. 23,231,048 ක මුදල ප්‍රධාන සැපයුම්කරුගෙන් අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි.

    එමෙන්ම එම සාම්පල නැව්ගත කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමත කරන ඉන්දියානු පර්යේෂණාගාරයක් වෙතින් පරීක්ෂා කළයුතු බවට වන කොන්දේසිය වෙනුවට සංස්ථාවේ පර්යේෂණාගාරය වෙතින් සාම්පල පරීක්ෂා කළයුතු බවට ප්‍රධාන සැපයුම්කරු වෙත දන්වා තිබුණ ද ඒ සඳහා සැපයුම්කරු අකමැත්ත ප්‍රකාශ කර තිබීම පිළිබඳව නොසලකා ඇනවුම ප්‍රදානය කර ඇති බවද සඳහන්ය.

    එමෙන්ම දේශීය වෙළෙඳපොලෙන් මිලදී ගත් එන්නත් වෛද්‍ය සැපයීම් අංශය වෙත සපයන විට අවම වශයෙන් මාස 12ක ජීව කාලයක් සහිත වියයුතු වුවද එන්නත් 1,200ක ජීව කාලය ලෙස සඳහන්ව ඇත්තේ මාස 10ක් පමණ බවද වාර්තාවේ දැක්වෙයි.

    මේ අතර වකුගඩු රෝගීන් වෙත ලබාදෙන Epoetin 1000IU (ඉපොයින්) එන්නත් 7,000ක් කඩිනමින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බවට දන්වමින් එම එන්නත් මිලදී ගැනීමට රුපියල් 44,640,750ක් වැයකර ඇති බවද හෙළිවී ඇත.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.

    මෙම ප්‍රසම්පාදනය සති 8කින් නිම කළ යුතු වුවද එය නිම කිරීම සඳහා වසර 2කට ආසන්න කාලයක් ගතවී ඇති අතර මේ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමෙන් එම එන්නත් 7,000 මිලදී ගැනීමට අමතර රුපියල් 1,179,757ක මුදලක් ගෙවීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

    2018 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල විසින් මෙම එන්නත් තොගයෙන් ඒකක 3,000ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණත් 2020 ජූලි 6 වනදා වනවිටත් එම රෝහල් විසින් එකඳු එන්නතක් වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාගෙන නොමැත.

    ඒ අනුව එම එන්නත් ඇස්තමේන්තු කර නොතිබු රෝහල් 10ක් වෙත ඒකක 1,388ක් බෙදා තිබුණද 2020 ජූලි 16 දින වනවිට තවත් එන්නත් 5,612ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඉතිරිව තිබූ බව සඳහන්ය.

    ඒ අනුව Epoetin නම් මෙම ඖෂධය කඩිනමින් සැපයීමට ක්‍රියා කර ඇත්තේ එහි කිසිදු හදිසි අවශ්‍යතාවයක් නොතිබූ පසුබිමක බවද වාර්තාවේ දැක්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.