Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක්
    Featured

    යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක්

    By LFNJanuary 7, 2023No Comments2 Mins Read363 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග ද යළි සාකච්ඡා ආරම්භකර ඇති බවය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය.

    මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවය.

    එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත් එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබීය.

    ජනාධිපති නිල නිවසේදී අද පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවය.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රතිචාරය මේ මස අවසන් වීමට පෙර දැනුම්දෙනු ඇති බවත්, ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග තවත් වටයක සාකච්ඡාවක් මේ දිනවල ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා ද ඵලදායී ලෙස අවසන් වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    වික්‍රමසිංහ මහතා පැවසුවේ, මෙරටට ලබාදී ඇති ණය කපා හැරීමක් පිළිබඳ චීනයෙන් ඉල්ලීමක් කර නොමැති බවත්, අවුරුදු 20ක කාලයක් තුළ ණය නැවත ගෙවීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවය.

    ඒ සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහාය සම්බන්ධයෙන් මේ වනවිටත් සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.