Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආහාර උද්ධමනය වැඩි කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවත්
    Featured

    ආහාර උද්ධමනය වැඩි කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවත්

    By LFNDecember 27, 2022No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝලීය ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර එය අඩු ආදායම් රටවල සිට ඉහල මැදි ආදායම් රටවල් දක්වා 88%ත් 93%ත් අතර මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

    ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වාදෙන්නේ ආහාර උද්ධමනය දැඩි ලෙස බලපාන කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවද ඇතුළත් බවය.

    ඉහළ ආහාර උද්ධමනයෙන් වැඩිම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට නම්කර ඇත්තේ 74%ක උද්ධමනයක් සටහන් කරමිනි.

    321%ක උද්ධමනයක් සහිත සිම්බාබ්වේ දේශයට එහි පළමු ස්ථානය හිමිවේ.

    යුක්‍රේන යුද්ධය හේතුවෙන් ආහාර සැපයුම් අඩාලවීමට අමතරව ආහාර අනාරක්ෂිතභාවය ඉහළයාමට තවත් හේතුවක් ලෙස ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙන්නේ “ලා – නිනා” කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් දකුණු අර්ධගෝලයේ රටවල ආහාර නිෂ්පාදනය අඬාලවීමය.

    මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 30% සීමාව ඉක්මවා ගිය අතර, සැප්තැම්බර් මාසයේදී 85.8%ක උපරිමයට පත්වී ඔක්තෝබර් වන විට 73.7%ක් දක්වා සමනය වී තිබේ.

    නොවැම්බර් මසදී එය සටහන් වුයේ 65%ක් ලෙසය.

    මේ අතර ලෝක බැංකුව ගෝලීය සාගිනි දර්ශකය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරයි.

    ආහාර පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ලොවපුරා රටවල ජනතාව සාගින්නට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව එමගින් පෙන්වා දෙයි.

    ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වැනි ස්ථානයට නම්කර ඇති අතර බංග්ලාදේශය 84වැනි ස්ථානයටත්, පාකිස්ථානය 99වැනි ස්ථානයටත් නම්කර තිබේ.

    ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව නම්කර ඇත්තේ 107 වැනි ස්ථානයටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 20250116 Views

    2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා…

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.