Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආහාර උද්ධමනය වැඩි කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවත්
    Featured

    ආහාර උද්ධමනය වැඩි කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවත්

    By LFNDecember 27, 2022No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝලීය ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර එය අඩු ආදායම් රටවල සිට ඉහල මැදි ආදායම් රටවල් දක්වා 88%ත් 93%ත් අතර මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

    ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වාදෙන්නේ ආහාර උද්ධමනය දැඩි ලෙස බලපාන කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවද ඇතුළත් බවය.

    ඉහළ ආහාර උද්ධමනයෙන් වැඩිම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට නම්කර ඇත්තේ 74%ක උද්ධමනයක් සටහන් කරමිනි.

    321%ක උද්ධමනයක් සහිත සිම්බාබ්වේ දේශයට එහි පළමු ස්ථානය හිමිවේ.

    යුක්‍රේන යුද්ධය හේතුවෙන් ආහාර සැපයුම් අඩාලවීමට අමතරව ආහාර අනාරක්ෂිතභාවය ඉහළයාමට තවත් හේතුවක් ලෙස ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙන්නේ “ලා – නිනා” කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් දකුණු අර්ධගෝලයේ රටවල ආහාර නිෂ්පාදනය අඬාලවීමය.

    මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 30% සීමාව ඉක්මවා ගිය අතර, සැප්තැම්බර් මාසයේදී 85.8%ක උපරිමයට පත්වී ඔක්තෝබර් වන විට 73.7%ක් දක්වා සමනය වී තිබේ.

    නොවැම්බර් මසදී එය සටහන් වුයේ 65%ක් ලෙසය.

    මේ අතර ලෝක බැංකුව ගෝලීය සාගිනි දර්ශකය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරයි.

    ආහාර පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ලොවපුරා රටවල ජනතාව සාගින්නට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව එමගින් පෙන්වා දෙයි.

    ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වැනි ස්ථානයට නම්කර ඇති අතර බංග්ලාදේශය 84වැනි ස්ථානයටත්, පාකිස්ථානය 99වැනි ස්ථානයටත් නම්කර තිබේ.

    ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව නම්කර ඇත්තේ 107 වැනි ස්ථානයටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.