Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් හඳුන්වා දෙන අලුත්ම ණය ක්‍රමය
    Featured

    විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් හඳුන්වා දෙන අලුත්ම ණය ක්‍රමය

    By LFNDecember 19, 2022No Comments2 Mins Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නැතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා චෝදනා කරයි.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “විදේශගත ශ්‍රමිකයා එවන ලද මුදල්වලට සාපේක්ෂව ඒ අයට ලංකාවට එනකොට තීරුබදු නිදහස් දීමනාවක් දෙන්න අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ විදියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීලා මාස 4ක් විතර වෙනවා. තාම මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන නෑ. හැබැයි නිලධාරීන් ඒවා උඩ තියාගෙන වාඩිවෙලා ඉන්නවා නම්, ඒවට විරුද්ධව කතා කරන්න අපිට පුළුවන් දේ කරන්න නොපැකිළිව වැඩකරනවා.”

    මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ණය ලබාගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් තවත් දින කිහිපයක් ඇතුළත ඇති කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    බැංකු පද්ධතිය හා මහ බැංකුව සමග ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    “සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න තියෙන පොළියට වඩා අඩුපොළියට විදේශගත ශ්‍රමිකයින්ට ණය ගන්න පුළුවන් ගෙවල් හදන්න. හැමෝගේම අවධානය යොමුවෙලා තියෙනවා, මම දැක්කා කෝප් කමිටුවෙත් අවධානය යොමුවෙලා තියෙනවා අපිට බිලියන ගාණක සංචිතයක් තියෙනවා කියලා. මේ සංචිත තියාගෙන ඉඳලා මහ භාණ්ඩාගාරයට ඕන ඕන වෙලාවට සුදු අලි නඩත්තු කරන්න සමහර වෙලාවට ගන්නවා. කර්මාන්ත ශාලා දෙකක් නඩත්තු කරන්න කෝටි මෙච්චර ගිහින් තියෙනවා කියලා, ගුවන් සේවය නඩත්තු කරන්න මාසයකට කෝටි ගණනාවක් යනවා. විදේශගත ශ්‍රමිකා වෙනුවෙන් ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් පනතේ අපිට ලැබිලා තියෙන බලය අනුව අපිට මුදල් වියදම් කරන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.