Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තමන්ව පැහැර ගත් බව පවසමින් කාන්තාවක් සැමියාගෙන් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලයි
    Featured

    තමන්ව පැහැර ගත් බව පවසමින් කාන්තාවක් සැමියාගෙන් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලයි

    By LFNDecember 18, 2022No Comments2 Mins Read311 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන්ව පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට වෙනත් නිවසක සැඟව සිටි කාන්තාවක් විශේෂ විමර්ශනයකින් පසු ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි තිදරු මවකි.

    අදාළ කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන අතර ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම යාමේන් පසු කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත්වලින් පාඩු ලබා නිවසට ව සිටින බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.

    අදාළ කාන්තාව පසුගිය 15 දින ආණමඩුවේ නිවසින් දියණිය පදිංචි වාරියපොළ හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බවට සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත් පසුව එදින සිට අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

    කෙසේනමුත් තම මව ආණමඩුව නගරයට පැමිණෙන තුරු බලා සිටි එම කාන්තාවගේ බාල පුත්‍රයා මව සොයාගැනීමට නොහැකි වීමෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.

    පසුගිය 16 වන දින අදාළ කාන්තාව සිය සැමියාට දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමාව සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැහැරගෙන ගොස් ලක්ෂ 50ක මුදලක් ඉල්ලූ බවත් තමා මරා දමන බවට තර්ජනය කරන බවත්ය.

    එලෙස දුරකථන ඇමතුම් කිහිපයක් අදාළ කාන්තාව විසින් සැමියාට ලබා දී තිබුණි.

    මේ වනවිටත් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබූ අතර, එහිදි කාන්තාව පැහැරගත් බවට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව තිබේ.

    පසුව නැවත වතාවක් දුරකථන ඇමතුමක් ලබාදී බිරිඳ නිරුපද්‍රිතව බේරාගැනීමට නම් ලක්ෂ 35ක මුදල් ලබාදෙන ලෙස සැමියා ට පවසා ඇත.

    කෙසේවෙතත් පොලීසිය විසින් අදාළ කාන්තාවගේ දුරකථන ඇමතුම් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී ඇය සිටි ස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ.

    ඒ අනුව අදාළ කාන්තාව රැඳී සිටි කටුපොත ප්‍රදේශය පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා පසුව නිවසක සැඟව සිටියදී අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් කාන්තාව පොලීසියට පවසා ඇත්තේ බාල පුත්‍රයා විදේශගත වීමට රුපියල් ලක්ෂ 9ක මුදලක් ලබාගත් බවත් එයට පොලී මුදලක් ද එකතුව මේ වනවිට විශාල ණය මුදලක් බවට පත්ව ඇති බවත් එය ගෙවා දැමීමට මෙය සිදුකළ බවත්ය.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ සැමියාගෙන් හා පුතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත.

    අත්අඩංගුවට ගත් කාන්තාව හෙට ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.