Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට
    Featured

    ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට

    By LFNDecember 17, 2022No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

    මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද හෙතෙම සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ජනතාව වේලක් ඇර වේලක් කා දැඩි පීඩාවකින් ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද සඳහන් කළේය.

    බදු වැඩි කිරීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආබාධිතයන්ගේ උපකරණ අතර විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයද වෙතියි ඔහු ප්‍රකාශ කළේය.

    රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ විස්සකට වැඩි පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

    වලේබොඩ මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.