Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයිස් ජාවාරමේ යෙදුණ දෙමස්සිනාලා ආයුධ සමග කොටුවෙයි
    Featured

    අයිස් ජාවාරමේ යෙදුණ දෙමස්සිනාලා ආයුධ සමග කොටුවෙයි

    By LFNDecember 15, 2022No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය පවසයි.

    එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින අතර පරවියන් සහ සුරතල් මසුන් විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් බුද්ධි නිලධාරීන්ට ගම්වාසීන් ලබාදුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදුකළ බවත් පොලීසිය පවසයි.

    ඉකුත් කාලය පුරා මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් වසමේ ආරක්ෂක කමිටු රැස්වීම් අමතමින් ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ දෙමස්සිනාලා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

    සැකකරුවන් දෙදෙනාට එරෙහිව මීට පෙරද හොරෙයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවත් පොලීසිය පවසයි.

    වයස අවුරුදු 30 හා 36 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මොරගහහෙන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.