Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු උපකුලපතිට පහරදුන් සරසවි සිසුන් 10ක් හඳුනාගැනේ
    Featured

    හිටපු උපකුලපතිට පහරදුන් සරසවි සිසුන් 10ක් හඳුනාගැනේ

    By LFNDecember 12, 2022No Comments1 Min Read304 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.

    පෙරේදා රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස්වීමක් සිදුවී ගැටුමක් හටගෙන තිබුණි.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී මහාචාර්යවරයාගේ නිවසේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් එහි දේපළවලට හානි සිදුකරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විට හඳුනාගෙන විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්ය.

    එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ආරම්භ කර ඇති අභ්‍යන්තර පරීක්ෂණයට අදාළව පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විශ්වවිද්‍යාල සිසුන්ට තාවකාලික පංති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    මාධ්‍ය කළ විමසීමක දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා,

    “පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙනවා පේරාදෙණිය පොලීසිය සමග. මෙහිදී හඳුනාගන්න සිසුන් අභ්‍යන්තර පරීක්ෂණයකින් ඒ අයගේ විනය පරීක්ෂණයක් පවත්වා ඒ අයට අවශ්‍ය දඬුවම් දීමට කටයුතු කරනවා. මීට අමතරව මහාචාර්යතුමා හා එතුමාගේ පුත්‍රයා මේ වනවිට පැමිණිලි සටහන් කරලා තියෙනවා. ඒ අනුව පොලීසිය විමර්ශන සිදුකරනවා. ඒ සඳහා අවශ්‍ය උපරිම සයෝගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාදීමට කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 20250146 Views

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ…

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025

    වැලිගම සභාපතිට කාඩ් එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.